23.4 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ සේවකයින්ට සුදුසු ඇඳුමකින් සැරසී සේවයට එන්න අවස්ථාව

රජයේ සේවකයින්ට සුදුසු ඇඳුමකින් සැරසී සේවයට එන්න අවස්ථාව

රාජ්‍ය සේවකයින්ට සුදුසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට අවස්ථාව හිමිවන පරිදි නව චක්‍රලේඛයක් නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි.

අදාළ චක්‍රලේඛය ලබන සඳුදා (26) නිකුත් කරන බවයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පැවසුවේ.

ඒ අනුව දැනට නිර්දේශ කර ඇති ඇඳුමෙන් පරිබාහිරව සුදුසු ඇඳුමකින් සේවයට වාර් තා කිරීමට සේවකයින්ට හැකියාව හිමිවනවා.

සාරි ඇතුළු ඇඳුම්වල මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යාම පිළිබඳ සැලකිල්ලට ගෙන මෙම චක්‍රලේඛය නිකුත් කරන බවයි අමාත්‍යංශ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ ප්‍රකාශ කළේ.

රාජ්‍ය සේවකයින්ගේ කාර් යාලයීය ඇඳුම් සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇති චක්‍රලේඛයට මේ අනුව සංශෝධනය කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.