අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙක් නිදහස් කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ලබන ඔක්තෝබර් මස 18 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.
ඒ අදාළ පෙත්සම් ප්‍රියන්ත ජයවර්ධන ප්රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද සලකා බැලීමෙන් අනතුරුවයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනකු මේ වනවිට රඳවාගෙන සිටිනවා.