26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසත්ව ආහාර සඳහා බඩඉරිඟු ආනයනයට අවසර

සත්ව ආහාර සඳහා බඩඉරිඟු ආනයනයට අවසර

සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩඉරිඟු හෝ වෙනත් සුදුසු ධාන්‍ය වර් ග මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කෘෂිකර් ම අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා වාර් ෂිකව බඩඉරිඟු මෙට්‍රික් ටොන් 600,000ක් පමණ අවශ්‍ය වුවද මේ වනවිට වෙළෙඳපොළේ උග්‍ර බඩඉරිඟු හිඟයක් පවතී. එමෙන්ම දේශීය වෙළෙඳපොළේ බඩ ඉරිඟු කිලෝග්‍රෑමයක මිල රුපියල් 220ක් දක්වා වැඩිවීම නිසා සත්ත්ව ආහාර මිල ගණන්ද ඉහළ ගොස් ඇති අතර කුකුළු මස් හා බිත්තර මිල ගණන්ද වැඩි වී තිබේ.

මේ හේතුවෙන් බඩඉරිඟු හෝ වෙනත් සුදුසු ධාන්‍ය වර් ග මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනය කිරීමට අනුමැතිය හිමිව ඇත.