25.6 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිසේරියන් සැත්කමකින් හදවත නතර වූ මව හා බිළිඳා බේරා ගැනේ

සිසේරියන් සැත්කමකින් හදවත නතර වූ මව හා බිළිඳා බේරා ගැනේ

හදවත අකර් මණ්‍ය වූ ගැබිණි මවකට පැය දෙකක් කෘත්‍රිම හෘද ස්පන්දනය ලබාදෙමින් සිදුකළ සිසේරියන් සැත්කමකින් පසු බිළිඳා සහ මව බේරාගැනීමට වෛද්‍ය කණ්ඩායමක් සමත් වී තිබේ.

හලාවත මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් විසින් ඇයට මෙම දුර් ලභ සැත්කම සිදුකර තිබේ. මෙම මව මාදම්පේ ගල්මුලුවේ පදිංචි තැනැත්තියක් වන අතර පසුගිය 20 වැනිදා රාත්‍රී 11.25ට පමණ මෙම මව රෝහල්ගත කර විනාඩි කිහිපයක් ගත වනවිට හදවත නතර වී තිබූ බව වෛද්‍යවරුන් පවසයි.

මෙවැනි තත්ත්වයකදී ජීවිත දෙකම බේරාගැනීමට හැකීම ඉතාම කලාතුරකින් සිදුවෙන සිදුවීමක් බව වෛද්‍යවරුන් වැඩිදුරටත් සඳහන් කරයි.