― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඅපේ රටේ තියෙන්නේ මන්දපෝෂණයක් නෙවෙයි අධිපෝෂණයක් - වෛද්‍ය නිරෝෂන් ප්‍රේමරත්න

අපේ රටේ තියෙන්නේ මන්දපෝෂණයක් නෙවෙයි අධිපෝෂණයක් – වෛද්‍ය නිරෝෂන් ප්‍රේමරත්න

පොල් මද, කුරුම්බා ලොඳ වැනි ආහාර වර් ග ඉතා ගුණදායක බවත් පොල් අමුවෙන් කෑම දියවැඩියාව වැනි රෝග සඳහා ඉතා හොඳ ප්‍රතිකාරයක් බව පර් යේෂණවලින් හෙළි වී ඇති බවත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නිරෝෂන් ප්‍රේමරත්න පැවසීය.

මේ හේතුවෙන් පාසල් සිසුන් දිවා ආහාරය සඳහා කුරුම්බා මද රැගෙන ඒම සම්බන්ධයෙන් එතරම් කලබල වීමට අවශ්‍ය නැති බව වෛද්‍යවරයා සඳහන් කරයි.

මේ වනවිට සායන වෙත පැමිණෙන ගර් භනී මව්වරුන්ට පවා ඇත්තේ මන්දපෝෂණයක් නොව අධිපෝෂණයක් බවත් මන්දපෝෂණය සහිත දරුවන් හෝ වෙනත් කිසිවෙකු මෙරටදී සිය වෛද්‍ය වෘත්තීය ජීවිතය තුළ තමන් දැක නොමැති බවත්, එවැනි දරුවන් දැක ඇත්තේ පින්තූර මගින් පමණක් බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නවතම වෛද්‍ය පර්යේෂණවලට අනුව දීර් ඝායුෂ සඳහා අප ලබාගන්නා ආහාරවල කැලරි ප්‍රමාණය අවම වීම ඉතා හොඳ බවත් එනිසා ආහාර වේලක් දෙකක් මගහැරීම ශරීර සෞඛ්‍යයට අමතර වාසියක් බවත් නිරෝෂන් ප්‍රේමරත්න පෙන්වා දෙයි.

ඇතැම් අප්‍රිකානු රටවල ලොකු බඩවල් සහිත, රවුම් මූණු සහිත මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් ඡායාරූපවලින් දැක ඇති නමුත් එවැනි දරුවන් මෙරට තුළ නොසිටින බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙනු ලබයි.

රටතුළ මන්දපෝෂණය තිබේ නම් ඊට වගකිව යුත්තේ වෛද්‍යවරුන් මිස රජය නොවන බවද වෛද්‍යවරයා අවධාරණය කරයි.