27.2 C
Colombo
Thursday, July 31, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝඨාගේ බිරිඳගෙන් කප්පම් ඉල්ලූ සැකකරුවෙක් අත්අඩංගුවට

ගෝඨාගේ බිරිඳගෙන් කප්පම් ඉල්ලූ සැකකරුවෙක් අත්අඩංගුවට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂගෙන් කප්පම් ඉල්ලීමේ චෝදනාව මත සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ලේකම් සුගීෂ්වර බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද පරීක්ෂණයකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

කොළොන්නාව – සාලමුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
පැමිණිල්ලට අනුව සැකකරු හිටපු ජනාධිපති ආර් යා අයෝමා රාජපක්ෂට දිගින් දිගටම දුරකථන ඇමතුම් ලබාදී ඇයගෙන් රුපියල් ලක්ෂ 10 ක කප්පමක් ඉල්ලා ඇත.

මේ සම්බන්ධයෙන් ලේකම්වරයා දැනුවත් කර ඇත්තේ වැරදීමකින් ඇමතුම ලබා දෙන්නට ඇතැයි සිතා නමුත් ඉන් පසුවද සැකකරු කප්පම් ඉල්ලා දිගින් දිගටම දුරකථන ඇමතුම් ලබා දී ඇති අතර මෙලෙස දින 3ක් තුළ ඇමතුම් 30ක් පමණ ලබාදුන් බවත් පැමිණිල්ලේ සඳහන් වේ.