27.2 C
Colombo
Friday, August 1, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපින්නවල රාත්‍රී සෆාරි උද්‍යානයක් කිරීමේ තීරණයක්

පින්නවල රාත්‍රී සෆාරි උද්‍යානයක් කිරීමේ තීරණයක්

පින්නවල සත්වෝද්‍යානය රාත්‍රී සෆාරි උද්‍යානයක් ලෙස නම් කිරීමට තීරණය කර ඇති බව වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි.

වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ (25) පස්වරුවේ පින්නවල සත්වෝද්‍යානය හා ඇත් අතුරු සෙවන ආශ්‍රිතව ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබූ අතර එම සාකච්ඡාවට එක්වූ ව්‍යාපාරික ප්‍රජාව කියා සිටියේ දැනට පින්නවල සත්වෝද්‍යානය හා ඇත් අතුරු සෙවන නැරඹීමට අවසර ලබාදෙන්නේ පස්වරු 5 දක්වා පමණක් බවයි.

මේ හේතුවෙන් රජයට විශාල ආදායමක් අහිමි වන බව ඔවුන් පැවසූ අතර ඒ අනුව පින්නවල සත්වෝද්‍යානය රාත්‍රී සෆාරි උද්‍යානයක් ලෙස නම් කිරීමට තීරණය කර තිබේ.