― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsබිත්තර මිල අඩු කළ හැකියි - සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය

බිත්තර මිල අඩු කළ හැකියි – සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය

බිත්තර මිල සංශෝධනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අනිද්දා (28) පැවැත්වීමට නියමිත බව වාර් තා වෙයි.

මේ අතර සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය සඳහන් කරන්නේ බිත්තරයක මිල තවත් අඩුකළ හැකි බවයි. බිත්තර නිෂ්පාදන වියදම අඩු වී ඇති බැවින් මෙලෙස බිත්තරයක මිල අඩුකළ හැකි බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වනවිට වෙළඳපොළේ බිත්තරයක මිල රුපියල් 49ත් 50ත් අතර අගයක් ගනු ලබනවා. ඒ අනුව එම මිල තවදුරටත් අඩු කළ හැකි බවයි සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය සඳහන් කළේ.

අප කළ විමසීමකදී බිත්තර නිෂ්පාදකන්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක සඳහන් කළේ එලෙස බිත්තර මිලේ අඩු කිරීමක් සිදුකළ නොහැකි බවයි. ඒ අනුව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ බිත්තරයක මිල තවත් රුපියල් හතරකින් හෝ පහකින් පමණ ඉහළ දැමිය යතු බවටයි.

බිත්තර ගොවියාට එම කර් මාන්තය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් මෙලෙස බිත්තරයක මිල තවත් රුපියල් හතරකින් හෝ පහකින් ඉහළ දැමිය යුතු බවයි සභාපතිවරයා පැවසුවේ.