ඉදිරියේදී නැවතත් මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු රජයක් බිහි කිරීමට බලාපොරොත්තු වන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර් ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (25) මහනුවර පැවති රැස්වීමකට එක්වෙමිනි.
තමන් රජය යටතේ සිටින කාලයේදී ඇතැම් ගත් තීන්දු තීරණ ජනතාවට දැඩි බලපෑමක් එල්ල කළ බවත් මෙම වසරේ දෙසැම්බර් මාසයේදී ආර් ථික අර් බුදය බොහෝදුරට මඟහරවා ගන්නට හැකි වෙතැයි තමා විශ්වාස කරන බවත් මන්ත්රීවරයා එහිදී සඳහන් කළේය.
“තව අවුරුදු දෙක හමාරක් තියෙනවා මැතිවරණයක් සඳහා යන්න. ජනාධිපතිවරණයකට, පාර් ලිමේන්තු මැතිවරණයකට යන්න. පළාත් පාලන මැතිවරණය තියෙන්නේ මාර් තු මාසේ. මම විශ්වාස කරනවා දෙසැම්බර් මාසේ වෙනකොට මේ තියෙන අර් බුදය සෑහෙන දුරට රටට මගහරවා ගන්න පුළුවන් වෙයි කියලා. නැවතත් මේ රට යථාවක් කරලා, මේ පක්ෂය ඉදිරියට අරගෙන මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් අපේ රජයක් බිහි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.“