රාජපක්ෂ පාලනයට මේ වනවිට 69 ලක්ෂය තියා 09 ලක්ෂයක් හෝ නොමැති බව නව ලංකා නිදහස් පක්ෂයේ සභාපති කුමාර වෙල්ගම පැවසීය.
ඊයේ (25) රාත්රියේදී ජී.එල්.පීරිස් හමුවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කුමාර වෙල්ගම පවසා සිටියේ රට ඉදිරියට යාමට නම්, බෙදා වෙන් වී කටයුතු කිරීමෙන් කිසිදු පලක් නැති බවත් ඉතිහාසයේ කිසිදු අවස්ථාවක කැඩි බෙදී ඉදිරියට ගිය දේශපාලනයක් නොමැති බවත්ය.
රාජපක්ෂලා ගැන තමන්ට කීමට කිසිවක් බවත් ඒ ගැන අවසන් තීන්දුව ජනතාව ගෙන ඇති බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.