― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsIMF එකෙන් සත පහක්වත් දෙන්නේ නෑ - උදයංග වීරතුංග

IMF එකෙන් සත පහක්වත් දෙන්නේ නෑ – උදයංග වීරතුංග

මේ වසර අවසන්වන තෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතපහක්වත් නොදෙන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පැවසීය.

රට තුළ යළිත් උද්ඝෝෂණ සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඇති වීම තුළින් රටට එන සංචාරකයින් අඩුවිය හැකි බවත් ඉදිරි මාස තුන හතරේදී සංචාරකයින් ගෙනැවිත් විදෙස් විනිමය උපයා නොගතහොත් රටට අවශ්‍ය දේවල් ගැනීමට විශාල අභියෝගයකට මුහුණදීමට සිදුවන බවත් උදයංග වීරතුංග ප්‍රකාශ කළේය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන දේ තමයි රට තුළ සාමකාමී වාතාවරණයක් ගොඩනගවෙන එක. එතකොට නැවත උද්ඝෝෂණ ගෙනල්ලා ලෝකයට පෙන්නුවොතින් සාමය නැහැ රටේ. උද්ඝෝෂණ රැල්ලක් යනවා රටේ කියලා ලෝකෙට යැවුවොත් නැවත සංචාරකයෝ එන්නේ නැහැ. එතකොට මේ සංචාකරයන් එන කාලය තමයි එළඹෙන්නේ. මම ඉල්ලා සිටිනවා මේ උද්ඝෝෂණ රැල්ල ක්‍රියාත්මක කරන අය වගේම මහජනතාව තේරුම් ගන්නට ඕනේ, මේ අවුරුද්දේ මේ මාස තුන හතරේ සංචාරකයෝ ගෙනල්ලා රටට විදේශ විනිමය ගෙන ආවේ නැතිනම් අපිට ලොකු තර්ජනයක් වෙනවා. අපිට ඉදිරියට අවශ්‍ය දේවල් ගෙන්න ගන්න. මොකද IMF එක සතපහක් දෙන්නේ නැහැ මේ අවුරුද්ද ඉවරවෙනකම්.