31.1 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅධි ආරක්ෂක කලාප ප්‍රකාශයෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා

අධි ආරක්ෂක කලාප ප්‍රකාශයෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා

අධි ආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කිරීමට රාජ්‍ය රහස් පනත යොදාගත නොහැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි.

රාජ්‍ය රහස් පනත යොදා ගනමින් අධිආරක්ෂක කලාප ප්‍රකාශයක් කිරීමේ රජයේ ප්‍රවේශය රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය නිවේදනයන් නිකුත් කරමින් සඳහන් කළාය.

එබැවින් අංක 2298/53 දරන ගැසට් පත‍්‍රය ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම රජයට උපදෙස් දී තිබේ.