31.1 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආදිවාසී ජනතාවත් ආහාර අර් බුදයෙන් බැට කයි

ආදිවාසී ජනතාවත් ආහාර අර් බුදයෙන් බැට කයි

බිබිල රතුගල ආදිවාසී ගම්මානයේ ජනතාව දැඩි ආර් ථික අර් බුදයකට මුහුණ පා සිටින බව එම ගම්මානයේ නායක සුධා වන්නිලැත්තෝ පවසයි.

දිනෙන් දින ඉහළ යන බඩු මිල හමුවේ තම ගම්මානයටද ආර් ථික අර් බුදය දැඩි ලෙස බලපා ඇති බවත් පවතින ආහාර හිඟය හේතුවෙන් දරුවන් පාසල් යාම නතර කර ඇති අතර ඇතැම් දරුවන් සහ ගර් භනී මවුවරුන් මන්දපෝෂණයෙන් පෙළෙන බවත් ඔහු අවධාරණය කරයි.

මෙම ගම්මානයේ පවුල් 110ක් පමණ ජීවත් වන අතර මෙම තරුණයින් කිසිවකුට රැකියාවක් නොමැත. කුලී වැඩක් කිරීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බැවින් ඔවුන්ට එක වේලක් සොයා ගැනීම පවා මහත් දුෂ්කර කටයුත්තක් වී තිබේ.

පොහොර සහ ඉඩම් ප්‍රශ්නය ආදිවාසි ජනතාවගේ ගොවිතැනට දැඩි ලෙස බලපා ඇති බැවින් සියලු කෘෂිකාර් මික ඉඩම් සිඳී යමින් පවතින බවද ආදිවාසී ප්‍රධානියා පෙන්වා දුන්නේය.