30.6 C
Colombo
Sunday, August 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආසියානු සංවර් ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට මූල්‍ය සහාය

ආසියානු සංවර් ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට මූල්‍ය සහාය

ශ්‍රී ලංකාවට වැඩිදුර මූල්‍ය සහාය සැපයීමට සූදානම් බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා පවසයි.

ද රොයිටර් පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ආර් ථික අර් බුදයෙන් පීඩා විඳින මේ අභියෝගාත්මක කාලයේදී ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා මෙරට රජය සමග සමීපව කටයුතු කරන බව සභාපතිවරයා එම සාකච්ඡාවේදී අවධාරණය කළේය.

ණය හිමියන්ගේ මූල්‍ය සහතික ලබා ගනිමින් සහ අනිකුත් නිර් දේශ ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ලබා ගැනීම සඳහා විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා ගනු ඇතැයි තමන්ට විශ්වාස බව අසකාවා මහතා ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන සම්පූර් ණ කර පසු ශ්‍රී ලංකාවට අමතර මූල්‍ය සහාය ලබාදෙමින් මෙම අර් බුදයෙන් ගලවා ගැනීමට සිතා බලන බව අසකාවා මහතා පැවසුවේය.