26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමරිකානු ජාතික ස්නෝව්ඩන්ට රුසියාවේ පුරවැසිභාවය

ඇමරිකානු ජාතික ස්නෝව්ඩන්ට රුසියාවේ පුරවැසිභාවය

ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියේ රහස් ඔත්තු මෙහෙයුම්වල දත්ත ලොවට අනාවරණය කළ එඩ්වඩ් ස්නෝව්ඩන් හට රුසියාවේ පුරවැසිභාවය හිමිව තිබෙනවා.

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් ස්නෝව්ඩට එරට පුරවැසිභාවය ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර් තා කළේ.

2013 වසරේදී ස්නෝව්ඩ සේවය කළ NSA විසින් සිදු කරන ලද විශාල දේශීය හා ජාත්‍යන්තර නිරීක්ෂණ මෙහෙයුම්වල දත්ත රැසක් ඔහු ලොවට අනාවරණය කළා. එම අනාවරණයෙන් පසු ඇමෙරිකාවේ උදහසට ලක් වුණු එඩ්වඩ් ස්නෝව්ඩන් හොංකොං වෙත පළා යාමෙන් අනතුරුව රුසියාවට පැමිණියා.

ස්නෝව්ඩන්ට අමතරව ඇමෙරිකාවේ උදහසට ලක්ව මේ වනවිට රුසියාවේ වාසයකරන ඇමරිකානු ජාතිකයින් ඇතුළු තවත් විදේශිකයන් 72 දෙනෙකුට රුසියානු පුරවැසිභාවය පිරිනැමීමටයි ව්ලැදිමීර් පුටින් පියවර ගෙන ඇත්තේ.