23.9 C
Colombo
Saturday, December 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋසස් පෙළ විභාගය කල් දමන්නැයි ඉල්ලීමක්

උසස් පෙළ විභාගය කල් දමන්නැයි ඉල්ලීමක්

අපොස උසස් පෙළ විභාගය කල්දමන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

උසස් පෙළ විභාගය සඳහා දෙවැනි වරට පෙනී සිටි සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් විසින් මෙම ඉල්ලීම සිදු කර ඇති අතර ඔවුන් චෝදනා කරන්නේ මෙම වසරේ දෙසැම්බර් මාසයේදී උසස් පෙළ විභාගය පැවැත්වීමෙන් තමන්ට අසාධාරණයක් සිදුවන බවයි.

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මාස 06ක කාලයක් ගත වූ බවත් මාස 03කින් එම විභාගයට නැවත මුහුණදීමට සිදුව ඇති බවත් ඔවුන් ඊට ජ්හේතු ලෙස දක්වා තිබේ.

එබැවින් උසස් පෙළ විභාගය මාස 02කින් හෝ 3කින් කල්දමන ලෙස ඔවුන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.