33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෝටි දෙකක රත්‍රං පන්නන්න හැදූ ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට

කෝටි දෙකක රත්‍රං පන්නන්න හැදූ ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට

රුපියල් කෝටි දෙකක් පමණ වටිනා රන් බිස්කට් 08ක් කටුනායක ගුවන්තොටුපළෙන් පිට කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු රේගු නිලධාරීන් විසින් අද (27) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන්තොටුපොළ ජ්‍යේෂ්ඨ ආරක්ෂක නිලධාරීවරයෙක් බවයි වාර් තා වන්නේ. මෙම ආරක්ෂක නිලධාරියා කැළණිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි වියේ පසුවන අයෙක් බව අනාවරණය වී තිබේ.

ඩුබායි සිට අද (27) උදෑසන පැමිණි ඉන්දීය ජාතික ගුවන් මගියෙකු විසින් මෙම රන් බිස්කට් අට ගුවන්තොටුපොළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේදී මෙම ආරක්ෂක නිලධාරියාට ලබාදෙන්නට ඇති බවටයි සැකපළ කරන්නේ.

මෙම ආරක්ෂක නිලධාරියා කිලෝග්‍රෑම් එකක් පමණ බර රන් බිස්කට් 08 සිය කලිසම් සාක්කුවේ සඟවාගෙන ගුවන්තොටුපොළ පැමිණීමේ පර් යන්තයේ රේගු පරිශ්‍රය පසුකර යෑමට උත්සාහ කිරීමේදීයි රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇත්තේ.