30 C
Colombo
Sunday, August 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝඨාගේ ආණ්ඩුවෙන් නැවැත්වූ ජපන් ව්‍යාපෘති රැසක් රනිල්‌ යළි අරඹයි

ගෝඨාගේ ආණ්ඩුවෙන් නැවැත්වූ ජපන් ව්‍යාපෘති රැසක් රනිල්‌ යළි අරඹයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජපානයේ විදේශ අමාත්‍ය ‍Yoshimasa Hayashi මහතා අතර අද (27) ටෝකියෝ නුවරදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

මෙහිදී මීට පෙර පැවති රජය විසින් ආයෝජන ව්‍යාපෘති කිහිපයක් අවලංගු කිරීමත් සමඟ ජපානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා බිඳ වැටීම පිළිබඳව ජනාධිපති වික්‍රමසිංහ කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් එම ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට තමන් උනන්දු වන බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ආයෝජනය කරන ලෙසද ජනාධිපතිවරයා විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර එහිදී ජපාන විදේශ අමාත්‍යවරයා ජනපති රනිල්ට පවසා ඇත්තේ පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් ජපානය වැඩි අවධානයකින් වැඩකටයුතු කරන බවත් ශ්‍රී ලංකාවේ අනාගත ආයෝජන අවස්ථා ගවේෂණය කිරීමට කැමැත්තෙන් සිටින බවත්ය.