මේ වනවිට ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරු අගමැති ලී සියැග් ලොන්ග් සමඟ දිවිපාර් ශ්වීය සාකච්ඡාවල නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ජපාන හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත ෂින්සෝ අබේගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (26) අලුයම ජපානය බලා පිටත්ව ගියා.
මෙම රාජ්‍ය අවමංගල්‍ය උත්සවය සඳහා ලෝකයේ රටවල් රැසක නායකයින් සහභාගී වී සිටිනවා. මේ අතර ජනධිපතිවරයා සහ ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි අතර ද සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.