26.7 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතඹුත්තේගම මංකොල්ලයට පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට

තඹුත්තේගම මංකොල්ලයට පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට

තඹුත්තේගම ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක් ඉදිරිපිටදී ඊයේ (26) දහවල් රුපියල් ලක්ෂ 223ක මුදලක් කොල්ලකෑමට උත්සාහ ගැනීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොදුජන පෙරමුණ නියෝජනය කරමින් රාජාංගනය ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ මන්ත්‍රීවරයෙකු බවයි පොලිසිය පැවසුවේ.

ව්‍යාපාරිකයෙකු විසින් පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට රැගෙන ආ රුපියල් ලක්ෂ 223ක මුදලක් පැහැරගෙන යාමට තැත් කිරීමේදී එය සාර්ථකව ව්‍යර්ථ කිරීමට තඹුත්තේගම පොලිස් නිලධාරියෙක් සමත් වුණා.

එහිදී මංකොල්ලය සඳහා ආයුධ සන්නද්ධව පැමිණි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමටයි හැකි වුණේ.

48 හැවිරිදි හා 50 හැවිරිදි වියේ පසු වන සැකකරුවන් දෙදෙනා තඹුත්තේගම ප්‍රදේශයේ ම පදිංචිකරුවන් වන අතර ඔවුන් සතුව තිබූ බෝර 12 ගිනි අවියක්, බෝර 12 පතොරමක් සහ මන්නා පිහියක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.