27.2 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෘථිවිය බේරාගන්න නාසා කළ මෙහෙයුම සාර් ථකයි

පෘථිවිය බේරාගන්න නාසා කළ මෙහෙයුම සාර් ථකයි

ඉදිරි දිනක පෘථිවියේ ගැටීමට පැමිණෙන ග්‍රහකයක ගමන් මඟ වෙනස් කර පෘථිවිය බේරාගැනීමේ අරමුණින් නාසා ආයතනය සිදුකළ මෙහෙයුමක් සාර්ථක වී තිබෙනවා.

‘ඩාර් ට්’ ලෙස නම්කර තිබූ මෙම මෙහෙයුම නියමුවන් නොමැති කුඩා රොබෝ යානයක් අදාළ ග්‍රහකයේ ගැටීමට සලස්වමින් එම ග්‍රහකයක ඉදිරියේදී පෘථිවියේ ගැටීමට ඇති අවදානම වළක්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර් තා කර තිබුණේ.

එහිදී පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 11ක් දුරින් අභ්‍යවකාශයේ සැරිසරන ග්‍රහකයට එම යානය අධික වේගයෙන් ගැටීමට සලසවා එම ඝට්ටනය හරහා ග්‍රහකයේ ගමන් මඟ වෙනස් කිරීමට හැකි වූ බවයි නාසා විද්‍යාඥයන් සඳහන් කළේ.

රොබෝ යානය හැපෙන්න සැලැස්වූයේ මීටර් 160ක විශ්කම්භයකින් යුත්, ‘ඩිමෝර්පස්’ නමැති ග්‍රහකයේ වන අතර යානය එහි ගැටුණේ පැයට කිලෝ මීටර් 21,600 ක වේගයකින්. නාසා ආයතනය විසින් යානයක් හිතාමතා ග්‍රහකය හැපීමට සැලැස්වූ පළමු අවස්ථාව ද මෙය වනවා.