― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsබිත්තර මිල ගැන යළි සමාලෝචනයක්

බිත්තර මිල ගැන යළි සමාලෝචනයක්

බිත්තර මිල ගණන් සම්බන්ධයෙන් යළි සමාලෝචනය කිරීමට තීරණය කර ඇති බව පශු සම්පත් සංවර් ධන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව හෙට (28) සියලු පාර් ශවයන්ගේ සහභාගීත්වයෙන් ඊට අදාළ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ඩී. බී හේරත් ප්‍රකාශ කළේය.

එහිදී ඒ පිළිබඳ නැවත සාකච්ඡා කර පාලන මිලෙහි වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පැවසුවේය. බිත්තර නිෂ්පාදකයින් ඉදිරිපත් කර ඇති නිෂ්පාදන වියදම සාධාරණද යන්න එම සාකච්ඡාවේදී සලකා බැලෙන බව අමාත්‍යවරයා පැවසීය.