30.6 C
Colombo
Thursday, August 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණ වියදම් සීමා කිරීමට නව නීතියක්

මැතිවරණ වියදම් සීමා කිරීමට නව නීතියක්

මැතිවරණ ප්‍රචාරක වියදම් සංශෝධන පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යවා ඇති බවත් ඊට අදාළ පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලබාගත යුතු බවත් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා පැවසීය.

දේශපාලන පක්ෂ විසින් මහජන ඡන්දය දිනා ගැනීම සඳහා අධික ලෙස වියදම් කිරීම වැළැක්වීම මෙම නව නීතියේ අරමුණ වී තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ අදහස් සහ යෝජනා අනුව නීති කෙටුම්පත් දෙපාර් තමේන්තුව විසින් සකස් කොට ඇති නීතිපතිවරයාගේ එකඟතාව හිමිවූ මෙම පනත් කෙටුම්පත මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත්කර ඇති පාර් ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව විසින්ද නිර් දේශ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ වියදම් පාලනයට නීති හඳුන්වාදීම, කාන්තා හා තරුණ නියෝජනය ශක්තිමත් කිරීම, තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් නොලබන එහෙත් මැතිවරණ දිනයේ රාජකාරී සිදුකරන පිරිසට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පහසුකම් සැලසීම මෙම පනත මගින් සිදුකර තිබේ.