26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිසබයේ 60ට වැඩි අයත් දෙසැම්බර් අගදී විශ්‍රාම යයි

මැතිසබයේ 60ට වැඩි අයත් දෙසැම්බර් අගදී විශ්‍රාම යයි

පාර් ලිමේන්තු මහලේකම් කාර් ය මණ්ඩලයේ වයස අවුරුදු 60 සම්පූර් ණ වූ සාමාජිකයන්ද ලබන දෙසැම්බර් 31 වැනිදා විශ්‍රාම ගැන්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව පාර් ලිමේන්තු මහ ලේකම්වරයාගේ කාර් ය මණ්ඩලයේ වයස 60 සම්පූර් ණ වූ සාමාජිකයන්ට තමන්ගේ කැමැත්ත පරිදි ලබන දෙසැම්බර් 31 වැනිදා හෝ ඊට පෙර විශ්‍රාම ගත හැකි බව පාර් ලිමේන්තුවේ අධ්‍යක්ෂ ( පරිපාලන) තච්චනා රාණි විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම්දී ඇත.

කෙසේවෙතත් පාර් ලිමේන්තු මහ ලේකම් කාර් ය මණ්ඩලයේ යම් සාමාජිකයක් වයස අවුරුදු 60ට පෙර විශ්‍රාම යෑමට අදහස් කරන්නේ නම් විශ්‍රාම යෑමට අපේක්ෂා කරන දිනට මාස හයකට පෙර ඒ බව ලිඛිතව දැනුම්දී කතානායකවරයාගේ අනුමැතිය ලබා ගත යුතුය.