අද වන විට වෙළෙඳපොළේ වාහනවල මිල ගණන් පහත බසිමින් පවතින බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
ඉන්ධන හිඟය සහ ඉන්ධන මිල ඉහළ යාම, අමතර කොටස් හිඟය, පොලී අනුපාත ඉහළ යාම වැනි සාධක හේතුවෙන් මෙලෙස වාහනවල මිල ගණන් පහත බැස ඇති බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.
වාහනවල මිල පහළ ගියද අමතර කොටස් හා වාහන නඩත්තු ගාස්තු ඉහළ අගයක පවතින බවයි වාර් තා වන්නේ.