මුහුදුබඩ දුම්රිය මාර් ගයේ වැල්ලවත්ත ප්‍රදේශයෙන් පුද්ගලයෙකු ඊයේ (26) දහවල් දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබෙනවා.
දෙහිවල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ දුම්රියකට පැන අදාළ පුද්ගලයා සියදිවි හානිකරගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙලෙස සියදිවි හානිකරගත් පුද්ගලයාගේ අනන්‍යතාවය හඳුනාගෙන නොමැති අතර මෘත ශරීරය මේ වනවිට කළුබෝවිල රෝහලේ තැන්පත්කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර් ශන සිදුකරනු ලබනවා.