27.2 C
Colombo
Wednesday, August 6, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසංඥා දෝෂයක් නිසා ගොඩනැගිල්ලකුත් කඩාගෙන ධාවනය වූ දුම්රිය

සංඥා දෝෂයක් නිසා ගොඩනැගිල්ලකුත් කඩාගෙන ධාවනය වූ දුම්රිය

ධාවනය වෙමින් තිබූ දුම්රියක් දෙමටගොඩ ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා.

අද (27) දහවල් දෙමටගොඩ දුම්රිය අංගනය තුළදී මෙම දුම්රිය අනතුර සිදුව ඇති බවට තොරතුරු වාර් තා වෙයි.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් අප කළ විමසීමකදී සංඥා පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් කළේ. අසළ තිබූ ගොඩනැගිල්ලකටද හානි කරමින් අදාළ දුම්රිය අනතුරට ලක්ව ඇති අයුරු මේ වනවිට සමාජ මාධ්‍යයේ සැරිසරන ඡායාරූපයක දැක්වෙනවා.