― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalසමහර තැන්වල අපිට වැරදුණා තමයි.. ඉදිරියේදී ඒවා හදාගෙන පක්ෂය ගොඩනගනවා

සමහර තැන්වල අපිට වැරදුණා තමයි.. ඉදිරියේදී ඒවා හදාගෙන පක්ෂය ගොඩනගනවා

ජනතාවගේ පැත්තෙන් හිතලා ගත්ත සමහර තීන්දු ඔවුන්ට වැරදුණු බවත් වැරදි අඩුපාඩු හදාගෙන නැවත වරක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනගන්න පියවර ගන්නා බවත් හම්බන්තොට දිස්ත්‍රික් පාර් ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ පොදුජන පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් සම්මේලනය අමතමිනි.

විවිධ හේතු නිසා සමාජයක් බිඳ වැටිලා තිබෙන අවස්ථාවක රාජ්‍ය බිඳ වැටුණොත් ඒ රට ගොඩ නගන්න අපහසු වෙනවා. බොහෝ දෙනාට විවේචන තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතා තනතුරින් ඉල්ලා අස්වීම පිළිබඳව. අඩු වැඩි වශ‍යෙන් අපි හැමෝටම තිබෙනවා.

මම දකින්නේ ඒක වෙන විදියකට. එතුමාට තිබ්බා 88,89 වගේ ප්‍රේමදාස මහතා කරා වගේ 60000 ක් විතර තරුණයෝ ඝාතනය කරලා මේක මර් දනය කරන්න, ජනාධිපති මන්දිරයට එද්දී ගහලා වෙඩි තියලා මර් දනය කරන්න තිබ්බා. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා එහෙම කරන්න සූදානම් උනේ නැහැ. එහෙම කරානම් ආණ්ඩුව ආරක්ෂා වෙනවා. එදා ඔබ දුන් ජන්දයේ අයිතිය තහවුරු වෙනවා. හැබැයි තරුණ ව්‍යසනයක් මේ රටේ සිද්ධ වෙනවා. රාජ්‍ය කඩා වැටෙනවා. එතුමාට තිබුන විකල්පය ආණ්ඩුව ආරක්ෂා කරනවාද? රාජ්‍ය ආරක්ෂා කරනවාද කියන එක.

ආණ්ඩුව අපිට ගොඩ නගන්න පුළුවන් හැබැයි බිඳ වැටුණ රාජ්‍යක් අපිට ගොඩ නගන්න අමාරුයි. විශේෂයෙන් සමාජය බිඳ වැටිලා තියෙන මොහොතක රාජ්‍ය බිඳ වැටුනාම ඒ රාජ්‍ය ගොඩනගන්න අමාරුයි. එතුමා තීරණය කරා 69 ලක්ෂයක ජනවරමට පයින් ගහලා ආණ්ඩුව වැටුණට කමක් නැහැ අපි රාජ්‍ය ආරක්ෂා කරනවා කියලා. නැවත වතාවක් ඔබට පුලුවන් ඒ බිඳ වැටිච්ච ආණ්ඩුව ආරක්ෂා කරපු රාජ්‍ය තුළ ගොඩ නගන්න.

අපේ ආණ්ඩුව තුළ විශාල වැඩසටහන් රාශියක් කරා. නමුත් ජනතාවගේ පැත්තෙන් හිතලා ගත්ත සමහර තීන්දු අපිට වැරදුණා. උදාහරණයක් ලෙස මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා පොහොර රුපියල් 350 ට ජනතාවට ලබාදුන්නා. නමුත් පසුගිය කාලයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සත් භාවයෙන් ජනතාවගේ පැත්තෙන් හිතලා ජනතාවට වහ කැවීම නැවැත්වීමේ අරමුණින් පොහොර ගෙන්වීම නවත්වලා කාබනික වගාවට යොමු කරන්න තීරණය කරා. අපි කැබිනට් එකේදි මේ තීරණය වෙනස් කරන්න උත්සහා කරා. නමුත් බැරිවුණා.

ඒක අපි ගත්ත වැරදි තීන්දුවක් විශේෂයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි අම්මලා තාත්තලා ඉන්නේ ඒකෙන් ඔබට විශාල පහරක් වැදුණා. අපි දේශපාලන පක්ෂයක් හැටියට අපි කණගාටු වෙනවා. ඒක පසු කාලීනව නිවැරදි කරා, නිවැරදි කරාට අපි පරක්කු වැඩියි. අපිට සමහර තැන්වල අපේ පාක්ෂිකයට සලකන්ට බැරිඋනා මොකද හැමෝටම එක විදියට සලකන්න හදපු නිසා. ගෝඨාභය ජනාධිපතිතුමා කිව්වේ දේශපාලන පක්ෂ බලන්න නැතුව වැඩ කරන්න කියලා. අපි එහෙම කරේ නැතුවට සමහර පක්ෂ නිළධාරි වැඩ කරේ පාක්ෂිකයින්ට පමණයි. පහුගිය කාලේ අපි ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන්ට කිව්වේ අපේ පක්ෂයේ බෆර් එක කියලා නමුත් පහුගිය කාලයේ අපිට ඒ අය අමතක වුණා. අපිට බෆර් එක මතක් වුණේ ඩ්‍රයිවර් බැහැලා ගියාට පස්සේ. කොහොම නමුත් අපි අපේ වැරදි අඩුපාඩු හදාගෙන නැවත වරක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනගන්න පියවර ගන්නවා.”