ලෝක ප්‍රසිද්ධ ගායිකාවක් වන ෂකීරාට විරුද්ධව බදු ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර් තා කරයි.
2012 සිට 2014 දක්වා අමෙරිකානු ඩොලර් මිලියන 14.31ක ආදායම් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ඇයට මෙම චෝදනා එල්ල වී තිබේ.
ස්පාඤ්ඤ අධිකරණයක මෙම චෝදනාවලට එරෙහිව ඇය වගඋත්තරකාරියක් කර ඇති අතර කොලොම්බියානු ජාතික 45 හැවිරිදි ෂකීරා තමන්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.
ඇයට එල්ල වන මෙම චෝදනාවලට වරදකාරියක් වුව හොත් වසර 8කට බන්ධනාගාරගත වීමට සිදුවන බවද විදෙස් මාධ්‍ය වාර් තා කරයි.