25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsආමි සුරංග ගිනි අවියක් සමඟ අත්අඩංගුවට

ආමි සුරංග ගිනි අවියක් සමඟ අත්අඩංගුවට

බුද්ධික ප්‍රසාද් හෙවත් ආමි සුරංග සහ චාමර චතුරංග යන පාතාල සාමාජිකයින් දෙදෙනා මුල්ලේරියාව පොලිස් වසමේ වල්පොලදී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට පත්වුණා.

සැකකරුවන් සන්තකයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආමි සුරංග නැමැති පුද්ගලයා පාතාල කණ්ඩායම් නායකයෙකු වූ ඌරු ජුවාගේ සහ ගොත අසංකගේ කණ්ඩායමේ ධනුෂ්ක ආරියවංශ නොහොත් රංග යන අයගේ සොහොයුරා ද වනවා.

ආමි සුරංග යන පාතාල සාමාජිකයා මීට පෙරද අපරාධ රැසකට අත්අඩංගුවට පත්ව සිටි පුද්ගලයෙක්. ආමි සුරංග 2014 වසරේ මෛත්‍රිපාල සිරිසේනගේ වැල්ලම්පිටිය උමගිලිය ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවේ වේදිකාවට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙක්.

ඔහු මීට පෙර ගිනි අවියක් සමග පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අත්අඩංගුවට පත්ව තිබෙනවා. 2020 වසරේදී මිරිහාන අපරාධ කොට්ඨාසයෙන් පොලිස් නිල හැඳුනුම්පතක් ව්‍යාජ ලෙස පරිහරණය කර අත්අඩංගුවට පත්ව තිබෙනවා.

අත්අඩංගුවට පත්වූ පුද්ගලයන් පිළිබඳව මුල්ලේරියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.