28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගින්නෙන් විපතට පත් ජනතාවට කඩිනමින් සහන දෙන්නැයි උපදෙස්

ගින්නෙන් විපතට පත් ජනතාවට කඩිනමින් සහන දෙන්නැයි උපදෙස්

ඊයේ (27) රාත්‍රියේදී තොටළඟ කජීමාවත්තේ නිවාස පෙළක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 12ක් පමණ අදාළ ස්ථානයට පිටත්කර යවා තිබුණා.

ගින්නෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීමට පියවර ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලේකම්වරයා වෙත උපදෙස් දී තිබේ. තොටළඟ කජීමාවත්ත ප්‍රදේශයේ හටගත් විශාල ගින්නකින් නිවාස 50ක් පමණ ගිනිබත් වී තිබුණි.තොටළඟ මෝදර උයන මහල් නිවාස සංකීර්ණය අසල කජීමාවත්ත ප්‍රදේශයේ එක පෙළට පිහිටි නිවාස 80ක් පමණ සම්පූර්ණයෙන් ගිනිබත් වී තිබුණි.

ප්‍රදේශවාසීන්ගේද සහායෙන් ගින්න සම්පූර්ණයෙන් මැඩ පැවැත්වූ බව ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සඳහන් කළේය.