පසුගිය සති අන්තයේ පැවති ඉතාලි මහ මැතිවරණයෙන්, දක්ෂිණාංශික දේශපාලන සන්ධානයට විශිෂ්ට ජයක් හිමි වී තිබේ.
ඒ අනුව එම සන්ධානයට නායකත්වය දුන් ‘බ්රදර් ස් ඔෆ් ඉටැලි’ පක්ෂයේ නායිකා 45 හැවිරිදි ජියෝර් ජියා මෙලෝනීට ඉතාලි අග්රාමාත්ය ධුරය හිමිව තිබේ.
ඉතාලි අග්රාමාත්ය ධුරයට කාන්තාවක් තේරී පත් වන පළමු අවස්ථාව මෙය වන අතර ජියෝර් ජියා මෙලෝනීගේ නායකත්වය යටතේ මහ මැතිවරණයට මුහුණ දුන් දක්ෂිණාංශික දේශපාලන සන්ධානය සියයට 44 ක ඡන්ද ප්රතිශතයක් දිනා ගත් බව ඉතාලි මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ.