28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතඹුත්තේගම පොලිස් විරුවාට උසස්වීමක්

තඹුත්තේගම පොලිස් විරුවාට උසස්වීමක්

රුපියල් ලක්ෂ 223ක මුදලක් කොල්ල කා පලායමින් සිටි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ පොලිස් සැරයන්වරයාව, උතුරු මැද පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ පලාතේ අනෙකුත් උසස් පොලිස් නිලධාරීන් ඇඟයීමට ලක්කර තිබෙනවා.

සැරයන් තනතුරේ සිටින ඔහු උපපොලිස් පරීක්ෂක ධුරය දක්වා උසස් කිරීමට නිර් දේශ වී තිබේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජාංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙන බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් සඳහන් කරනවා.

මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර මුදල් මංකොල්ලයට ආධාර අනුබල දීම ඔහුට එල්ල වන චෝදනාව වනවා. කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවන්ට යතුරුපැදිය ලබා දී ඇත්තේ මොහු විසින් වන බවටද අනාවරණය වුණා.