23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදිනකට පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 8 දෙනෙක්ම බඩගින්නේ

දිනකට පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 8 දෙනෙක්ම බඩගින්නේ

මෙරට සෑම පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 8 දෙනෙක්ම ආර් ථික අර් බුදය හමුවේ ආහාර වේල් මග හැරීම, පෝෂ්‍යදායි ආහාර නොගැනීම සහ ආහාර ණයට ගැනීම වැනි ක්‍රියාමාර් ගවලට යොමුව ඇති බව ලෝක ආහාර වැඩසටහන පවසයි.

ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර් තාවේ දැක්වෙන්නේ ආර් ථික අර් බුදය ආහාර සුරක්ෂිතතාවයට දිගටම බලපෑම් එල්ල කරන බවත් ඉහළ ආහාර සහ ඉන්ධන මිල මිනිසුන්ගේ ආහාර මිලදී ගැනීමේ හැකියාව තවත් දුර්වල කර ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් තුනෙන් එකකට (සියයට 37ක්) වඩා වැඩි ප්‍රමාණයක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයකින් පෙළෙන බවත් මේ පිළිබඳ ක්‍රියාමාර් ගයක් නොගතහොත් තත්ත්වය තවත් නරක අතට පත්විය හැකි බවත් එම වාර් තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

සෑම පවුල් 10 කින්ම පවුල් 4 ක් ප්‍රමාණවත් පරිදි ආහාර නොගන්නා බවත් රට පුරා ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ මට්ටමක පවතින බැවින් බොහෝ ජනතාව අඩු විවිධත්වයෙන් යුත් ආහාර වේලක් ලබා ගන්නා බවත් එම වාර් තාව පෙන්වා දෙයි.

ශ්‍රී ලාංකිකයන් මිලියන 3.4 කට සහන සැලසීම සඳහා ලෝක ආහාර වැඩසටහනට අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් මිලියන 63 ක මුදලින් සියයට 47 ක ප්‍රමාණයක් මේ දක්වා ආධාර ලෙස ලැබී ඇතැයි ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කළේය.