26 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර් ලිමේන්තු අවන්හලෙන් ආහාර ගන්නා මන්ත්‍රීවරුන් අඩුවෙලා

පාර් ලිමේන්තු අවන්හලෙන් ආහාර ගන්නා මන්ත්‍රීවරුන් අඩුවෙලා

පාර් ලිමේන්තුවේ බොහෝ මන්ත්‍රීවරුන් මේ වන විට පාර් ලිමේන්තු අවන්හලෙන් ආහාර නොගන්නා බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් කථානායකවරයා මේ බව ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් පාර් ලිමේන්තු ආපනශාලාවේ ආහාර නොගන්නා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව නිශ්චිතව නොදන්නා බවත් පාර් ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දිවා ආහාර දීමනාව රුපියල් 100කින් සහ මාධ්‍යවේදීන්ගේ දිවා ආහාර දීමනාව රුපියල් 50කින් ඉහළ දමා තිබෙනවා.

වැඩිදුරටත් අදහස් දක්වමිම් හෙතෙම සඳහන් කළේ පාර් ලිමේන්තුවේ ආපනශාලාවේ ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම පිළිබඳව තමන් දැනගත්තේ පුවත්පත්වලින් බවයි.

මේ හේතුවෙන් බොහෝ මන්ත්‍රීවරුන් නිවෙස්වලින් ආහාර ගෙන ඒම ආරම්භ කර ඇති බවද කථානායකවරයා පැවසීය.