29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරාත්‍රී ආර් ථිකයක් නැති කිසිම රටක් දියුණු වී නැහැ - ඩයනා ගමගේ

රාත්‍රී ආර් ථිකයක් නැති කිසිම රටක් දියුණු වී නැහැ – ඩයනා ගමගේ

රාත්‍රී ආර් ථිකයක් නොමැති කිසිදු රටක් දියුණු වී නොමැති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පැවසුවාය.

ඊයේ යෙදුණ ලෝක සංචාරක දිනය වෙනුවෙන් හබරණ පැවති ජාතික උත්සවයට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

රාත්‍රී ආර් ථිකය යනු රටට සහ රජයට මුදල් ලැබෙන ක්‍රමවේදයක් බව ඇය එහිදී වැඩිදුරටත් අවධාරණය කළාය.

දහවල් කාලයේදී ජනතාව හම්බකරන මුදල් වියදම් කිරීමට රාත්‍රියේදී තැනක් මෙරට තුළ නැත්නම්, රජයට ණය ගැනීමටද සිදුවන බව ඇය පෙනවා දෙයි. සංචාරකයින් පැමිණෙන්නේ රාත්‍රී 10න් පසුව කාමරවලට වී නිදාගැනීමට නොවන අතර කංසා වගා කර ඩොලර් උපයන තෙක් තම රට වෙනුවෙන් ඇති උත්සාහය කිසිසේත් අතනොහරින බව ද ඇය පැවසුවාය.