29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalසජබ ඉතාලියේ වැඩ අරඹයි

සජබ ඉතාලියේ වැඩ අරඹයි

සමගි විදේශගත ශ්‍රී ලාංකික බලවේගයේ ජාත්‍යන්තර කමිටු පිහිටුවීමේ වැඩසටහන යටතේ පළමු ජාත්‍යන්තර කමිටු පිහිටවීමේ වැඩසටහන මේ දිනවල ක්‍රියාත්මක වෙමින් තිබේ. එම අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ පාර් ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ.සී අලවතුවල, හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුද එක්ව සිටියහ.

එහි පළමු කමිටුව ඉතාලියේ මිලානෝ නුවරදී පිහිටවූ අතර දෙවැනි කමිටුව ඉතාලිය ෆිරෙන්සි නගරයේදී පිහිටුවනු ලැබීය.

ඉතාලියේ ලූකා, වෙරෝනා නගරවල තවත් කමිටු දෙකක් පිහිටුවනු ලැබීය.

අති විශාල පිරිසක් එම අවස්ථාවන්ට සහභාගී වී සිටි අතර සමගි ජනබලවේගයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ වත්,විශේෂයෙන්ම විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ ප්‍රගතිය වෙනුවෙන් කටයුතු කරන ආකාරය පිළිබදවත් මේ කමිටු පිහිටුවීමේ දී දීර් ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.