― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsආහාර වර් ගවල ප්‍රමිතිය පරීක්ෂා කෙරේ

ආහාර වර් ගවල ප්‍රමිතිය පරීක්ෂා කෙරේ

මෙරට ජනතාව පරිභෝජනයට ගන්නා ආහාර වර්ගවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සමීක්ෂණයක් කිරීමට ‍සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එහි ආහාර පාලන ඒකකය සඳහන් කළේ, මේ යටතේ ආනයනික හා දේශීයව නිෂ්පාදනය කරන ආහාර වර්ගවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සොයාබලන බවයි.

අත්‍යවශ්‍ය ආහාර වර්ග 25කට අධික සංඛ්‍යාවක් මෙම සමීක්ෂණය සඳහා තෝරාගෙන ඇති අතර පසුගිය කාලයේ මෙරටට ආනයනය කරන ආහාර වර්ගවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු පිළිබඳ සලකා බලා සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම තීරණයට එළැඹ තිබේ.