29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉදිරි වසර 2 තුළ නිවාස නොමැති අයට නිවාස

ඉදිරි වසර 2 තුළ නිවාස නොමැති අයට නිවාස

රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටියද රජය ජනතාවට දැරිය හැකි මිලකට නිවාස පහසුකම් සහ හිමිකම් ඔප්පු ලබා දෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් රත්නායක පවසයි.

ඒ නිසා ඉදිරි වසර දෙක තුළ හිමිකම් බැඳුම්කර 30,000ක් නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් දැනටමත් ආරම්භ කර තිබෙනවා.

ආර්ථික අර්බුද හේතුවෙන් නිවාස කොටස් ඉදිකිරීමේ කටයුතුද පසුබෑමකට ලක්ව ඇති බවද ඔහු කියා සිටියා.

“කෙසේ වෙතත් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට කටයුතු කරන අතරම රටේ සංවර්ධන සංග්‍රාමය යළි ආරම්භ කිරීමට රජය සූදානම්. පසුගිය වසර කිහිපය තුළ නතර වී තිබූ නිවාස ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අපි කටයුතු කරනවා. කොළඹ ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳන්න අඩුම තරමින් තට්ටු නිවාස ලක්ෂ දෙකක්වත් හදන්න ඕන.”

කෙසේ වෙතත් මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා අමාත්‍යාංශය දැනටමත් නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කර ඇත.

භාණ්ඩාගාර අරමුදල් යොදා ගනිමින් නාගරික සංවර්ධන ව්‍යාපෘති 260ක් පමණ ආරම්භ කර තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදන යටතේ තවත් ව්‍යාපෘති 5ක් ආරම්භ කර ඇති බවද ඔහු වැඩිදුරටත් දන්වා සිටියේය.