― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsකෝටි ගණන් මුදල් වංචා කළ තිළිණි ප්‍රියමාලිගේ තොරතුරු රැසක් එළියට

කෝටි ගණන් මුදල් වංචා කළ තිළිණි ප්‍රියමාලිගේ තොරතුරු රැසක් එළියට

මුදල් සහ රන් භාණ්ඩ වංචා කළ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාවක මෙම මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ සැකකාර කාන්තාව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඊයේ (06) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රුපියල් මිලියන 226 කට අධික මුදල් සහ රන් භාණ්ඩ වංචාකළ සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට ඇයට චෝදනා එල්ලවී තිබේ.

ඇය ඊයේ දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබු අතර ඉන් පසුව අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

විදේශ රටවල මුදල් තැන්පතු සහ තවත් ව්‍යාපාරවල මුදල් තැන්පත් කිරීම වෙනුවෙන් ලාභදායි මුදල් ලබාදෙන බවට පවසමින් ඇය කොළඹ ප්‍රදේශයේ ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර කෝටිපති ව්‍යාපාරිකයින්, වෛද්‍යවරුන් ඇතුළු සමාජයේ පිළිගත් පුද්ගලයින් රැසක් ඇයගේ ආයතනයෙහි මුදල් තැන්පත් කර ඇති බවද වාර්තා වනවා.

විදේශ ව්‍යාපාරවල මුදල් තැන්පතුල මැණික් සහ ස්වර්ණාභරණ සඳහා තැන්පතු, විදේශ මුදල් ආයෝජන වැනි ව්‍යාපාර සඳහා ඉහළ ලාභදායී පොලී මුදලක් ලබාදෙන බව පවසා ඇය කෝටි ගණනින් මුදල් එක් රැස්කර ඇති බවයි වාර්තා වන්නේ.

කෝටිපති ව්‍යාපාරිකයන්ල ප්‍රබල දේශපාලනඥයින්ල ප්‍රසිද්ධ වෛද්‍යවරුන් ඇතුලු විශාල පිරිසක් මෙම සැකකාරියගේ ආයතනයට මුදල් යොදා තිබුනේ ඉහළ පොලියක් ලබාගැනීමේ අරමුනින්.

එහෙත් පොරොන්දු වු පරිදි අදාල මුදල් නොගෙවීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් 10 දෙනෙකු පමණ මේ පිළිබඳව පැමිණිලි යොමුකර තිබෙනවා.

අදාල කාන්තාවගේ වංචාවට සුප්‍රසිද්ධ දේශපාලනඥයෙකු ද හසු වී සිටින බවත් මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීමත් සමග ඔහු ද ඇයට එරෙහිව පැමිණිල්ලක් ගොනු කිරීමට කටයුතු කර තිබුනා.

ව්‍යාපාරිකයන්ගෙන් අදාල කාන්තාව රුපියල් මිලියන 226 කට අධික මුදලක්, ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක් හා රන් භාණ්ඩ වංචා කර ඇති බවට පැමිණිලි ලැබී තිබෙන්නේ.

අදාල සැකකාරිය ගිනි අවිද සහිතව පෞද්ගලික ආරක්ෂක ආයතනයකින් ආරක්ෂකයන් ලබාගෙන ඇති අතර ඇය ගමන් බිමන් ගොස් ඇත්තේ ඔවුන්ගේ ආරක්ෂාව යටතේයි.

මෙරට සුප්‍රසිද්ධ කෝටිපතියන් රැසක් මෙම කාන්තාව ඇසුරු කර ඇති අතර ඔවුන් සමග කල් ගතකරන වීඩියෝ දර්ශණ ද ඇය සතුව තිබී සොයාගෙන ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ.

අදාල දර්ශන හරහා එම කෝටිපති පුද්ගලයන් ගෙන් අයුතු ලෙස මුදල් ලබාගත්තාදැයි සොයාබැලීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන අරඹා තිබෙනවා.