26.1 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගැම්බියාවේ දරුවන් 66 දෙනෙකුට දිවි අහිමි කළ කැස්ස පැණිය ලංකාවට ගෙනාවේ නැහැ

ගැම්බියාවේ දරුවන් 66 දෙනෙකුට දිවි අහිමි කළ කැස්ස පැණිය ලංකාවට ගෙනාවේ නැහැ

ළමුන් 61 දෙනෙකුගේ මරණවලට සම්බන්ධ යැයි කියන ඉන්දියාවේ නිෂ්පාදිත කැස්ස සිරප් වර් ග හතරක් ශ්‍රී ලංකාවට ගෙනවිත් නැතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

බටහිර අප්‍රිකානු රටක් වන ගැම්බියාවේ මෑතදී සිදු වූ ළමුන් 61 දෙනෙකුගේ මරණයට ඉන්දියාවේ නිෂ්පාදිත කැස්ස සිරප් වර් ග හතරක් හේතු වී තිබේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේද කීය.

“ඖෂධ ගෙන්වීමේදී නියාමන ආයතන ඉතා සැලකිලිමත් වෙනවා. එම මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ආ ඒවා නොවන බව විමර්ශනවලදී අනාවරණය වී තිබුණා. විවිධ රටවලින් ලැබුණු ඖෂධ පරිත්‍යාග පිළිබඳවත් අපි පරීක්ෂා කළා.”