25 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝඨාභයට එරෙහිව නඩු පැවරීමට අවසර

ගෝඨාභයට එරෙහිව නඩු පැවරීමට අවසර

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නඩු පැවරීමට ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

එම පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරන්නේ ගෝඨාභයට එරෙහිව නඩු පවරා ඇති අයිතිවාසිකම් කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටි බවයි.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට සහ එහි හිටපු මහ බැංකු අධිපතිවරුන් දෙදෙනෙකුටද එරෙහිව නඩු පැවරීමටද අධිකරණය එකඟ වී ඇති බව එම පුවත් සේවය වැඩිදුරටත් දක්වා තිබේ.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්හි අයිතිවාසිකම් කණ්ඩායම විසින් ගොනු කරන ලද මෙම නඩුව, දශක හතකට වැඩි කාලයක් තුළ රටේ දරුණුතම මූල්‍ය අර්බුදය සඳහා දිවයිනේ නායකත්වය සඳහා වගවීම ඉල්ලා සිටියි.

(reuters)