29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබදියුදීන් චෝදනා දෙකකින් නිදොස් කොට නිදහස්

බදියුදීන් චෝදනා දෙකකින් නිදොස් කොට නිදහස්

ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ අවභාවිත කළ බවට වන නඩුවෙන් පාර් ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිස මුදාහරින ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා ඊයේ (06) නියෝග කළේය.

මහජන මුදල් අවභාවිත කරමින් සහ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් 2015 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවත්නැන්වූවන් ප්‍රවාහනය කළ බවටයි රිෂාඩ් බදියුදීන් ඇතුළු තුන්දෙනෙකුට චෝදනා එල්ල වුණේ. ලංගම බස් රථ 222 ක් මගින් තම ඡන්ද කොට්ඨාසය වන සිලාවතුරට පුද්ගලයන් දොළොස්දහස් හයසිය විසිදෙනෙකු රැගෙන ගොස් ඇති බවයි ප්‍රකාශ වුණේ. ඒ සදහා රුපියල් ලක්ෂ අනූපහකට වැඩි මුදලක් ගෙවමින් රජයේ මුදල් අවභාවිත කළ බවට මෙම නඩුව පවරා තිබුණා.

රිෂාඩ් බදියුදීන් සහ එවකට ව්‍යාපෘති අධ්‍යක්ෂ සම්සුඩීන් මොහොමඩ් යාසීර් සහ අමාත්‍යාංශයේ හිටපු ගණකාධිකාරී අලගරත්නම් මනෝරංජන් යන අය මෙම නඩුවෙන් නිදහස් කෙරුණා.