30 C
Colombo
Tuesday, September 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමේ මාසයේදී උද්ධමනයේ අඩුවීමක් අපේක්ෂා කරනවා - මහබැංකු අධිපති

මේ මාසයේදී උද්ධමනයේ අඩුවීමක් අපේක්ෂා කරනවා – මහබැංකු අධිපති

මෙරට ආර් ථිකය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මූලික යෝජනාවේදී සිදුකර ඇති ප්‍රකාශ පිළිබඳව මහ බැංකු අධිපති ආචාර් ය නන්දලාල් වීරසිංහගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය.

ඒ “එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මූලික යෝජනාවේදී මෙරට ආර් ථික අවභාවිතාව සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාවලියට බලපෑම් කරයිද?” යනුවෙනි.

“අපි දන්නා පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ පිළිබඳ කිසිවක් සන්නිවේදනය කර නැහැ.” යනුවෙන් ඊට පිළිතුරු දුන් මහබැංකු අධිපතිවරයා සඳහන් කළේය.

මහබැංකු අධිපති ආචාර් ය නන්දලාල් වීරසිංහ පැවසුවේ මේ මාසය අවසානයේදී පෙර මාසයට සාපේක්ෂව උද්ධමනයේ අඩුවීමක් අපේක්ෂා කෙරෙන බවයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකදීය.

අද මහ බැංකුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ මෙරට ණයහිමියන් සමග පැවැත්වූ සාකච්ඡාවල ප්‍රගතියක්ද දක්නට ඇති බවය.