30 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalරාජ්‍ය නිලධාරීන්ගේ විශාල හිඟයක් තිබෙනවා - රංජිත් සියඹලාපිටිය

රාජ්‍ය නිලධාරීන්ගේ විශාල හිඟයක් තිබෙනවා – රංජිත් සියඹලාපිටිය

රාජ්‍ය ආදායමට ප්‍රධාන වශයෙන් වැදගත් වන රාජ්‍ය ආයතනවල නිලධාරින්ගේ හිඟයක් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමිනි.

මෙම සේවක හිඟය හේතුවෙන් වර්තමානයේ නව බඳවාගැනීම් සිදුකිරීමට හැකියාවක් නොමැති අතර මේ වන විට සිය දක්ෂතාවයට නොගැලපෙන රාජකාරී සිදුකරමින් රාජ්‍ය සේවයේ නිරතව සිටින තරුණ සේවකයින් සඳහා තරග විභාගයක් පවත්වා අදාළ බඳවාගැනීම් සිදුකිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පැහැදිලි කළේය.

ලොකු නිලධාරී අඩුවක් තියෙනවා. රේගුවේත් නෑ, සුරාබදු එකෙත් නෑ, හාර පන්සීයක මේ වෙලාවේ අපිට නිලධාරීන් ගන්න බෑනේ. ඒ නිසා රටේ ඉන්නවා සුවිශාල පිරිසක් උපාධිදාරීන් ඔවුන් නොගැලපෙන සේවාවල වැඩ කරනවා. හදිසි බඳවාගැනීම් එක්ක. මම යෝජනා කළේ හොඳ තරග විභාගයක් තියලා විනිවිදභාවයෙන් යුතුව මේ අති දක්ෂ තරුණ තරුණියන් පිරිස තෝරාගන්න. මොකද බදු ගණනය කරනවා කියන්නේ අති සංකීර්ණ කාර්යයක්. අති දක්ෂයින් ඉන්න ඕනේ. බදු උපදේශකයෙක් ඇවිල්ලා ලිපිගොනු පෙන්නනකොට, ඒක දැක්ක ගමන් ඒක ඔලුවට ගන්න පුළුවන් මේක මේකයි වෙලා තියෙන්නේ කියලා කියන්න පුළුවන් තරුණ තරුණියන් පිරිසක් ඉන්නවා. දැනට ඉන්න නිලධාරීන්ට අගතියක් නොවන පරිදි, ඔවුන්ගේ උසස්වීම්වලට අගතියක් නොවන පරිදි බඳවාගැනීම් කිරීමට අපි කටයුතු කරනවා.