28.9 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලොව මිත්‍රශීලිම රටවල් අතරින් 9 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට

ලොව මිත්‍රශීලිම රටවල් අතරින් 9 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව ලෝකයේ මිත්‍රශීලී රටවල් දහය අතරින් නමවැනි ස්ථානයට පත්ව තිබේ.

Condé Nast Traveler වෙබ් අඩවියේ 2022 පාඨක තේරීම් සම්මාන උළෙලේදී, මිත්‍රශීලී පුද්ගලයින්ගේ නිවහන ලෙස ඔවුන් සලකන රටවල් සඳහා ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඔවුන් පාඨකයන්ගෙන් ඉල්ලා සිටි අතර ඔවුන්ගේ මනාපය අනුව මිත්‍රශීලී රටවල් දහය තෝරාගෙන තිබීම විශේෂත්වයකි.

ඒ අනුව එම ලැස්තුවේ පළමු ස්ථානය ප්‍රංශ පොලිනීසියාව, දෙවැනි ස්ථානය කොලොම්බියාවටත්, තුන්වැනි ස්ථානය නවසීලන්තයටත්, සිව්වැනි ස්ථානය තායිලන්තයටත්, පස්වැනි ස්ථානය කොස්ටාරිකාවටත්, හයවැනි ස්ථානය බොට්ස්වානාවටත්, හත්වැනි ස්ථානය පේරු රාජ්‍යයටත්, අටවැනි ස්ථානය බෙලීසියටත්, නමවැනි ස්ථානය ශ්‍රී ලංකාවටත්, දසවැනි ස්ථානය පිලිපීනයටත් හිමිව තිබේ.