― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalහිඟ විදුලි බිල් ගෙවන්න තියෙන්නෙ මට විතරක් නෙවෙයි - දයාසිරි ජයසේකර

හිඟ විදුලි බිල් ගෙවන්න තියෙන්නෙ මට විතරක් නෙවෙයි – දයාසිරි ජයසේකර

හිඟ විදුලි බිල්පත් ගෙවීමට ඇත්තේ තමා පමණක් බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් සිදුකර ඇති ප්‍රකාශය අසත්‍යක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

එලෙස හිඟ විදුලි බිල්පත් ගෙවීමට ඇති මැති ඇමතිවරුන්ගේ නම් කිහිපයක්ද දයාසිරි ජයසේකර විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඒ අනුව හරීන් ප්‍රනාන්දු (රු.1,454,173.63 ක්), ශෙහාන් සේමසිංහ (රු.224,649.72 ක්), කෙහෙළිය රඹුක්වැල්ල (රු.1,010,389.01 ක්) සහ ඒ එම් අතාවුල්ලා (රු.98,917.84 ක්) ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් මෙලෙස හිඟ බිල්පත් ගෙවීමට ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

https://fb.watch/f-IG_-d0jS/