28.4 C
Colombo
Wednesday, March 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocialමධ්‍යපානේ තියෙන ජොලියට නැටූ ටීචර් ලට වැඩ වරදින ලකුණු

මධ්‍යපානේ තියෙන ජොලියට නැටූ ටීචර් ලට වැඩ වරදින ලකුණු

පසුගියදා සමාජ මාධ්‍යවල සංසරණය වූ සිසුවියන් සමග ගුරුවරියන් නර් තනයක යෙදුණ ‘මේ මධ්‍යපානේ තියෙන ජොලිය ගෑනු නොදන්නේ – ඒ රසේ දන්න නිසයි පිරිමි අපට නොදෙන්නේ’ යන ගීතයට. නර් තනයේ යෙදෙන මීගමුව අධ්‍යාපන කලාපයේ කනිෂ්ඨ විදුහලක ගුරුවරියන් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර් තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් පැවසුවේ නර් තනයේ යෙදෙන්නේ පාසල් භූමියේ වන අතර එම ගුරුවරියන්ගේ හැසිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් ඒ පිළිබඳව වහාම විමර්ශනයක් පැවැත්වීමට නියෝග කළ බවත්ය.