27.2 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅර් ජුන් ඇලෝෂියස් බැඳුම්කර නඩුවෙන් නිදහස්

අර් ජුන් ඇලෝෂියස් බැඳුම්කර නඩුවෙන් නිදහස්

2015 වසරේ යහපාලන ආණ්ඩුව සමයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් මිලියන 688ක බැඳුම්කර සම්බන්ධයෙන් සාවද්‍ය විශ්වාසය කඩකළේ යැයි චෝදනා කරමින් පර් පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කර තිබුණා.

ගොනුකර තිබෙන චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට විත්තිය විසින් මතුකළ මූලික විරෝධතාවක් අද (11) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් පිළිගෙන තිබේ.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර් තා වන්නේ.