― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉන්ධනවල ප්‍රමිති වාර් තාව අද

ඉන්ධනවල ප්‍රමිති වාර් තාව අද

මේ වන විට රට පුරා ඇති ඉන්ධනහල්වලින් ඉන්ධන නිකුත් කිරිම පිළිබඳ ගැටලුවක් ඇතිව පවතිනවා. ඒ බාල තෙල් නිකුත් කිරීම සම්බන්ධවයි. මෙරට ඇතැම් ඉන්ධන පිරහුම්හල්වලින් ඔක්ටෙන් 95 බව කියමින් ඔක්ටේන් 92 ඉන්ධන නිකුත් කරන බවට ලද පැමිණිල්ලකට අනුව ඉන්ධන වල ප්‍රමිතිය සොයා බැලීම සඳහා ඉන්ධන සාම්පල තාක්ෂණික ආයතනයට යොමු කළ බවත් අදාළ චෝදනාවල සත්‍ය අසත්‍යතාව පිළිබඳ වාර් තාව අද (12) ලැබෙනු ඇති බවත් මහජන උපයෝගීතා උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසීය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන උපයෝගීතා උපයෝගිතා කොමිසමේ සභාපති,

“ඉන්ධන පිරවුම්හල්වල සිදුවන බව කියන අකටයුතුකම් පිළිබඳව පසුගිය මාස දෙක තුන පැමිණළ පැමිණිලි 200 කට වඩා ලැබී තිබුණා. පාරිභෝගික සේවා අධිකාරියත් මේ සම්බන්ධයෙන් පැමිණිලි කළා. පාරිභෝගික සේවා අධිකාරියෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව පසුගියදා වැල්ලවාය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල් පරික්ෂා කළා. එක් ඉන්ධන පිරවුම්හලක පොම්ප අටක් තිබුණා. ඒ පොම්ප අටෙන්ම ඉන්ධන නිකුත් කෙරුණේ නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන්. ඉන්ධන ලීටරයක් මිලට ගන්නා පාරිභෝගිකයකුට සැබෑ ලෙසම ලැබී තිබුණේ තමන් ගෙවූ මුදල් වටිනාකමට අඩු ඉන්ධන ප්‍රමාණයක්. එම පිරවුම්හලෙන් ඉන්ධන ලීටර් 20 ක් ලබාගන්නා සෑම පාරිභෝගිකයෙකුටම රුපියල් 100 ක පාඩුවක් සිදුව තිබුණා. එම අසීමිත ලාභය ගොස් තිබුණේ ඉන්ධන පිරවුම්හලේ හිමිකරුටයි. මේ අසීරු අවස්ථාවේ ව්‍යාපාරිකයන් තමන්ගේ වෙළඳාම සාධාරණව නොකොළොත් අසීරුතාවයට පත් වන්නේ ජනතාවයි.”